02/08/2024
පුරාවිද්‍යා දිනය ජූලි 07
වැඩසටහන් අංක 49 හා 50
අම්පාර මඩකලපුව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්‍යාලය
රාජ්‍ය නිලධාරීන් කිරීමේ දේශනය හා පුරාවිද්‍යා ආරක්ෂණ කමිටුව පිහිටුවීම - එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය
ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන් මාලාව යටතේ අම්පාර මඩකලපුව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය සංවිධානය කරනු ලැබූ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන හා පුරාවිද්‍යා ආරක්ෂණ කමිටුව පිහිටුවීමේ වැඩසටහන ඊයේ දින එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
"පුරාවිද්‍යා නීතිය ආචාර ධර්ම හා උරුමය සුරැකීම" යන මැයින් දමිළ මාධ්‍ය දැනුවත් කිරීමේ දේශනය අම්පාර මඩකලපුව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්‍යාලයේ ප්‍රවර්ධන අංශ ප්‍රධානී පී.සන්තිරකාන්තන් මහතා විසින් සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාවට එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම්තුමා හා එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නියෝජනය කරනු ලබන සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සංස්කෘතික නිලධාරීන්, ඉඩම් නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන්, සිවිල් ආරක්ෂක කමිටු නිලධාරීන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය සම්බන්ධ විය.
මෙයට සමගාමීව එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා පුරාවිද්‍යා ආරක්ෂණ කමිටුව පිහිටුවීම පිහිටුවීම ද සිදු කෙරිණි.
අම්පාර මඩකලපුව ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂකගේ මෙහෙයවීමෙන්, අම්පාර මඩකලපුව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්‍යාලයේ ප්‍රවර්ධන අංශය මගින් සංවිධානය කළ මෙම වැඩසටහන කලාප අංක 3 කලාප නිලධාරී නවනීදා මහත්මිය ගේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය.