Nilwala River Safari -Madu River මාදු ගගේ

Nilwala River Safari -Madu River මාදු ගගේ Spot Sri Lanka’s fascinating wildlife on a private Madu River boat safari through thick mangroves,
(48)

The 'Madu Ganga' which enters the sea at Balapitiya is one of the last remaining tracts of pure mangrove forests in srilanka.The historic and famous buddhist temple"Kothduwa" is situated on one of the isolated island in this river. Madu Ganga wetland surrounding with mangroves constitude a coastal wetland ecosystem which provides homes to many spicies of plants and animals. With just few steps awa

y from Balapitiya main bridge any one can find Nilwala River Safari. We can proudly say that Nilwala River Safari is the best place to have a wonderful tour in Madu River as we provide a comfortable and safety tour with Our well experienced boat drivers since 1970s.

මිහිපිට පාරාදීසයක් වූ සුන්දර මාඳු ගඟේ අමතක නොවන සවාරියක් යන්න බලපිටිය Nilwala River Safari එකට එන්න...වැඩි විස්තර සහ Boo...
12/06/2024

මිහිපිට පාරාදීසයක් වූ සුන්දර මාඳු ගඟේ අමතක නොවන සවාරියක් යන්න බලපිටිය Nilwala River Safari එකට එන්න...

වැඩි විස්තර සහ Booking සඳහා අමතන්න.
0776020422

නයි දූව, මාඳු ගඟේ තවත් එක් දූපතකි. මාදු ගඟේ දූපතකින් නයෙක් සර්පයෙක් හමුවුණොත් ඌ අල්ලාගෙන ගොස් දමන්නේ මේ නයි දූවටය. ඒ නිස...
11/06/2024

නයි දූව, මාඳු ගඟේ තවත් එක් දූපතකි.

මාදු ගඟේ දූපතකින් නයෙක් සර්පයෙක් හමුවුණොත් ඌ අල්ලාගෙන ගොස් දමන්නේ මේ නයි දූවටය. ඒ නිසා නාගයන් බහුලව සිටින නිසා නම ද නයි දූවයි.

එහෙත් මේ දූපතට නයි දූව යන නම ලැබෙන්නට හරිම හේතුව නම්, ජනප්‍රවාදයන්ට අනුව දුටුගැමුණු රජුගේ එක් බිසවක නාග කන්‍යාවකි.
අන්න ඒ බිසව මෙලොවට පැමිණියේ මේ දූවෙන් බව ජනප්‍රවාදයේ කියවේ. එනිසාම නාග ලොවත් අපේ මනුස්ස ලොවත් එකිනෙක යා කල මේ දූපත නයි දූව ලෙස හඳුන්වයි.

මේ ජනප්‍රවාදය නිසාම දුටුගැමුණු රජුගේත් නාග කන්‍යාවකගේත් ප්‍රතිමාවක් මේ දූපතේ ඉදිකර තිබේ.

කවුරු කොහොම කිවුවත් නයින් බහුල බැවින් මේ දූපතට යන්නේ හරිම පරිස්සමින්. මේ දූපතට ගිහිපු අය කියන්නේ හරියටම මේ දූව නාග ලොවේ කොටසක් වගේ හැඟිමක් දැනෙනවා කියලයි.

කඩොලාන බිම්ගෙයක් මැදින් බෝට්ටුවකින් යාත්‍රා කරන්න.....මාඳු ගඟේ නීරල දූව සහ වල දූව මැදින් යාත්‍රා කරන ඔබට ජීවිතයේ සුවිශේෂ...
10/06/2024

කඩොලාන බිම්ගෙයක් මැදින් බෝට්ටුවකින් යාත්‍රා කරන්න.....

මාඳු ගඟේ නීරල දූව සහ වල දූව මැදින් යාත්‍රා කරන ඔබට ජීවිතයේ සුවිශේෂි අත්දැකීමක් ලබාගැනීමට පුළුවන්, ඒ තමයි වමෙනුත්, දකුණෙනුත්, හිසට ඉහළිනුත් කඩොලාන වලින් සුසැදි කඩොලාන බිම්ගෙයක් මැදින් යාත්‍රා කරන්න.

මාඳු ගඟ සිපගෙන හමන පවනකින් ගතට සිතට එක්වරම සිසිලසක් ගෙනෙන මේ සුන්දර තැන පොඩ්ඩක් නැවතිලා යන්න අමතක කරන්න එපා.

මේ තැනට ඔයාලටක් යන්න ඕනේ නම් කතා කරන්න අපිට
0776020422
Nilwala River Safari

Where Time Flows and Memories GrowCome Let’s flowing through Nature's Embrace
09/06/2024

Where Time Flows and Memories Grow
Come Let’s flowing through Nature's Embrace

Nilwala River Safari කොටුපොළෙන් ගන ආරම්භ කරන බෝට්ටු සංචාරය ලංකාවේ වඩාත්ම සෞන්දර්යාත්මක සහ වැදගත්ම බෝට්ටු සංචාරය වේ. ඒ මෙ...
08/06/2024

Nilwala River Safari කොටුපොළෙන් ගන ආරම්භ කරන බෝට්ටු සංචාරය ලංකාවේ වඩාත්ම සෞන්දර්යාත්මක සහ වැදගත්ම බෝට්ටු සංචාරය වේ. ඒ මෙම මාඳු ගඟ එයටම ආවේනික සත්ත්ව සහ ශාක වර්ග මෙන්ම දුර්ලභ කඩොලාන වර්ග වලින් පෝෂණය වී ඇති නිසාවෙනි.

ශ්‍රී ලංකාවේ දැකිය හැකි කඩොලාන ශාක විශේෂ 14 ක් ද මෙහි දැකිය හැකිය. ඊට අමතරව මාදු ගඟට පමණක් ආවේනික වූ ශාක විශේෂයක් වන රත්මිල්ල ද මෙහි වේ. මෙම ශාක විශේෂය මාදු ගඟ ආශ්‍රිත දූපතක් වූ ඕවිලාන දූපත ආශ්‍රිතව දැකගන්නට පුළුවන්. කඩොලාන ශාක වලට අමතරව නා, බෝවිටියා, වල්දෙල්, ඉදි, කුරුදු වැනි ශාකද ඕලු, නෙලුම්, කෙකටිය, උණ බට, කිතුල්, මිල්ල, ඇඹරැල්ලා, ගිම් පොල්, පුවක්, කොස් ආදී ශාක විශේෂ සහ ජලජ පැලෑටිද රැසක් අපට දැකගන්න පුළුවන්.

ශාක පමණක් නොවේ විවිධාකාර වූ සත්ත්ව විශේෂ ද මාදු ග‍‍‍‍‍‍‍ගේ සුන්දරත්වය තව තවත් ඔප් නංවන්නට සමත් වෙලා තියෙනවා. පක්ෂීන්, මත්සයින්, උරගයින්, සර්පයින්, උභය ජීවීන් ආදීන් මේ අතර විශේෂයි. එසේම මාදු ගඟ ආශ්‍රිතව සමනළ සහ සලඹ විශේෂ ද ඇත. එසේම ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්වයන් වන උණහපුලුවා, කොළවඳුරා, දඬුලේනා ආදි සත්ත්වයන් ද මාදු ගඟ ආශ්‍රිතව දැකගන්න පුළුවන්.

කුරැලු පාරාදීසයක් ලෙස සැලකෙන මාදු ගඟ පරිසර පද්ධතියේ පක්ෂි විශේෂ 100ක් පමණ දැකගන්න පුළුවන්.දියකාවුන්, කොකුන්, කොරවක්කන්, පිළිහුඩුවන් මෙන්ම ලංකාවට ආවේණික කුරුල්ලන් වන ගිරා මලිත්තා,හිස දුඹුරු දෙමලිච්චාද මාදු ගඟ තුරුලතා වල නිතර ගැවසේ.

ස්වභාවික සෞන්දර්යයෙන් අනූන සේම අප ප්‍රදේශය ජනතාවගේ දිවි මග සාර්ථක කර ගැනීමට ද මාදු ගඟ කොමළිය ඉමහත් පිටුවහලකි. එබැවින් ලෝක උරුමයක් සේම ශ්‍රී ලංකාවේ සුන්දරතම රැම්සා තෙත් බිම වන මාදු ගඟ පරිසර පද්ධතිය සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම සියලුම ශ්‍රී ලංකා වාසීන්ගේ යුතුකමක් සේ සැලකිය යුතුය.

Escape from your busy schedule. Spend quality time with you and your family. Experience the Madu river boat safari with ...
07/06/2024

Escape from your busy schedule. Spend quality time with you and your family. Experience the Madu river boat safari with Nilwala.

More informations & Reservation
Contact us
Hot line - 0776020422

අවිවේකි ජීවිතය තුළ මනසට ගෙන දෙන විඩාවට මොහොතකට මානසික සුවය ගෙන දෙන සුන්දර වූ ස්ථානයක් තමයි මාදු ගඟ. අප කවුරුත් දන්නා පරි...
06/06/2024

අවිවේකි ජීවිතය තුළ මනසට ගෙන දෙන විඩාවට මොහොතකට මානසික සුවය ගෙන දෙන සුන්දර වූ ස්ථානයක් තමයි මාදු ගඟ. අප කවුරුත් දන්නා පරිදි මාදු ගඟ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පාලනය කෙරෙන ජලාශ්‍රිත අභයභූමියක් සහ රැම්සා තෙත්බිමක් ලෙස ද නම්කර තිබෙනවා.

ඌරගහ, පොල්අතු කන්දෙන් උපත ලබන පුංචි සීතල දිය දහරට බොරලැස්ස ඇළ, හීන් ඇළ සහ මාගල ඇළෙන් අමතර ජලය එකතු වෙලා කිලෝමීටර් හත අටක දුරක දී දූපත් සමූහයකින් යුත් සුන්දර වූ මාදු ගඟ නම් මෙම පරිසර කලාපයක් නිර්මාණය වෙනවා.

ගාලු පුරවරයේ ඉදන් කිලෝමීටර් 35 ක පමණ දුරකින් කොළඹ පැත්තට, බලපිටිය ප්‍රදේශයේ තමයි මේ සුන්දර මාදු ගඟ තියෙන්නේ. මෙම ස්ථානයට ගමන් කළ හැකි මාර්ග කිහිපයක් තියෙනවා. ඒවායෙන් අධිවේගී මාර්ගය භාවිතා කරන්නේ නම් ඔබට පැය 2ක් වැනි කෙටි කාලයක දී එන්න පුළුවන්. මේ තෙත්බිම් සංකීර්ණය බහුල ලෙස කඩොලාන ශාක, ජලජ හා රුක් වාසී කුරුල්ලන් රැසකට නිවහනක්. මේ අසිරිය විඳින්නට නම් බෝට්ටු සවාරියක් යන්නම ඕන, මොකද මේ සුන්දරත්වය මේ පරිසරයේ අද්විතීයත්වය හා සෞන්දර්යය විද ගත හැක්කේ බෝට්ටු සවාරිකින් විතරයි. ඉතිං ඒ සෞන්දර්යාත්මක බෝට්ටු සවාරිය Nilwala River Safari අපි එක්කගෙන යන්නම්.

Thank you for selecting Nilwala River Safari! 💙🚤 We trust you had an incredible time discovering the splendor of the Nil...
06/06/2024

Thank you for selecting Nilwala River Safari! 💙🚤

We trust you had an incredible time discovering the splendor of the Nilwala River with us. Your support is invaluable!

Call us to reserve your safari at 077 602 0422.

ලෝක පරිසර දිනය අදයි.අද දින Nilwala River Safari අප සැමගේ අදිටන නම්ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය වඩාත් ඔප් නංවන, ජෛව වි...
05/06/2024

ලෝක පරිසර දිනය අදයි.

අද දින Nilwala River Safari අප සැමගේ අදිටන නම්
ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්දර්යය වඩාත් ඔප් නංවන, ජෛව විවිධත්වයෙන් අනූන සෞන්දර්යාත්මක තෙත් බිම සේම ලංකාවේ තෙවන රැම්සා තෙත් බිම වූ මාඳු ගඟ පරිසර පද්ධතියේ සුරැකීම වෙනුවෙන් දායක වීමයි.

අපි සැම එක් වී අපගේ මාඳු ගඟ රැක ගනිමු.

ඔයාගේ නිවාඩුව අර්ථවත්ව ගත කරන්න.මාදු ගගේ බෝට්ටු සවාරියක් යන්න අපිත් එක්ක අදම එකතු වෙන්න.දැන්ම ඇමතුක් ලබා දි වෙන්කරවාගන්න...
04/06/2024

ඔයාගේ නිවාඩුව අර්ථවත්ව ගත කරන්න.
මාදු ගගේ බෝට්ටු සවාරියක් යන්න අපිත් එක්ක අදම එකතු වෙන්න.

දැන්ම ඇමතුක් ලබා දි වෙන්කරවාගන්න.
0776020422

කඩොලාන පරිසරයට උරුමකම් කියන දූපත් රාශියකින් වට වූ මාදු ගඟ දිගේ බෝට්ටු සවාරියක් යන්න Nilwala  River Safari අපිත් සමග එකතු...
29/05/2024

කඩොලාන පරිසරයට උරුමකම් කියන දූපත් රාශියකින් වට වූ මාදු ගඟ දිගේ බෝට්ටු සවාරියක් යන්න Nilwala River Safari අපිත් සමග එකතු වන්න.

0776020422
දැන්ම ඇමතුක් ලබා දි වෙන්කරවාගන්න

Experience the wonder of Madu River and the beauty of the surrounding environment with your loved ones. 😍Contact us For ...
26/05/2024

Experience the wonder of Madu River and the beauty of the surrounding environment with your loved ones. 😍

Contact us

For more informations & Reservation
Hotline-0776020422

එක දිගට වැඩ කරලා කරලා නිවාඩුවක් එනකන් බලන් හිටපු ඔයාට මේ long weekend එකේ මාදු ගගේ බෝට්ටු සවාරියක් යන්න අපිත් එක්ක එකතු ...
24/05/2024

එක දිගට වැඩ කරලා කරලා නිවාඩුවක් එනකන් බලන් හිටපු ඔයාට මේ long weekend එකේ මාදු ගගේ බෝට්ටු සවාරියක් යන්න අපිත් එක්ක එකතු වෙන්න.

අදම call එකක් දෙන්න

0776020422
දැන්ම ඇමතුක් ලබා දි වෙන්කරවාගන්න

ඔබ සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා! ☸
23/05/2024

ඔබ සැමට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා! ☸

Celebrating the Biodiversity of madu river surroundings. 🌏Madu River estuary and surrounding mangrove forests are home t...
22/05/2024

Celebrating the Biodiversity of madu river surroundings. 🌏

Madu River estuary and surrounding mangrove forests are home to a diverse array of flora and fauna, including numerous species of birds, fish, reptiles, and mammals.
Protecting this biodiversity ensures the preservation of unique and often endangered species.

කුරුඳු තලන හැටි වගේම අවට පරිසරයේ සුන්දරත්වය විදින ගමන් පැද්දී පැද්දී බෝට්ටුවේ යන්න කැමති නම් අපට call එකක් දෙන්න අදම cal...
20/05/2024

කුරුඳු තලන හැටි වගේම අවට පරිසරයේ සුන්දරත්වය විදින ගමන් පැද්දී පැද්දී බෝට්ටුවේ යන්න කැමති නම් අපට call එකක් දෙන්න

අදම call එකක් දෙන්න
0776020422

දැන්ම ඇමතුක් ලබා දි වෙන්කරවාගන්න

Downsouth වල trip plan කරන ඔයාට ඔයාගේ set එකත් එක්ක යන්න සුපිරිමබෝට්ටු සෆාරියක් Nilwala River Safari වෙතින්....අදම call ...
17/05/2024

Downsouth වල trip plan කරන ඔයාට ඔයාගේ set එකත් එක්ක යන්න සුපිරිමබෝට්ටු සෆාරියක් Nilwala River Safari වෙතින්....

අදම call එකක් දෙන්න

0776020422
දැන්ම ඇමතුක් ලබා දි වෙන්කරවාගන්න.

Busy life එකෙන් මිදිලා travel කරන්න හිතන් ඉන්න ඔයාට මාදු ගගේ අසිරිය හා ඒ අවට පරිසර සුන්දරත්වය විඳගන්න පවුලේ අයත් එක්ක එන...
15/05/2024

Busy life එකෙන් මිදිලා travel කරන්න හිතන් ඉන්න ඔයාට මාදු ගගේ අසිරිය හා ඒ අවට පරිසර සුන්දරත්වය විඳගන්න පවුලේ අයත් එක්ක එන්න.

0776020422
දැන්ම ඇමතුක් ලබා දි වෙන්කරවාගන්න.

Address

No 193/8 Bridge View, Galle Road
Balapitiya
80550

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Telephone

+94776020422

Alerts

Be the first to know and let us send you an email when Nilwala River Safari -Madu River මාදු ගගේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nilwala River Safari -Madu River මාදු ගගේ:

Videos

Share



You may also like