Shree Talks

Shree Talks Travel is life

13/07/2023
28/04/2023

මටත් Depression ද?

ජීවිතේ කියන්නේ හරි පුදුමාකාර කතාවක්. ඒ කතා පොතේ පිටුවෙන් පිටුවට අපේ සිතුවිලි, හැගීම්,මනෝභාවයන් සහ ආකල්ප එකම ආකාරයකට පවතින්නේ නැහැ.
අපි සමාජ සත්වයෝ. අපි විසින් පාලනයක් නැති අවට සමාජයේ , පුද්ගලයන්ගේ ප්‍රශ්ණත් , වෙනස් වීමුත් අපි අපේ කරගන්නව. ගැඹුරටම හිතුවොත් අපිට අපේම කියලා ප්‍රශ්ණයක් නැති තරම්.

අන්න ඒකයි අද සතුටින් ඉන්නවා දකින කෙනෙක් හෙට දුක් මුසු ස්වරූපයකින් ඉන්නව අපිට දකින්න ලැබෙන්නෙ.
මේ දවස් වල හැමෝම කතාවෙන "Depression " තත්වයට ජීවිතයේ කවදා හරි දවසක අපි හැමෝම පත්වෙලා හරි පත් වෙන්න හරි තියෙනවා.
හරියට අපි හැමොටම සෙම හැදෙනවා වගේ. ඒක 100%ක් පාලනය කරගන්න පුලුවන්. සෙම්ප්‍රතිශ්‍යාව වගේම තමයි. ඒත් අපි නොසලකා ඉඳලා නිව්මෝනියා තත්වයක් කරා ළඟා නොවිය යුතුයි.

විශාදයට පත් වෙන පුද්ගලයන්ගේ සිතුවිලි,හැසිරීම්,මතකය වගේ දේවල් වල බිඳ වැටීමක් සිද්ධ වෙනවා.ඒ කියන්නේ අපේ මානසික තත්වය බිඳ වැටෙන කොට අපේ ශාරීරික ක්‍රියාකාරකම් වලට එය සෘජුවම බලපානවා.

ආදරේ විරහවක් වෙද්දි, රැකියාවෙන් එලිය විසි වෙලා විරැකියාවට පත් වෙද්දි, තමන් ආදරය කරන්නෙකු මියයෑම හරි තදින්ම විශ්වාස කරපු දෙවල් බොරු කියල ඔප්පු උනාම වගේ ඕනම සිදුවීමකට මුහුණ දුන් පුද්ගලයෙක් තුළ පවතින කලකිරුනු ස්වාභාවය,නොසන්සුන්තාවය,බිය වගේ දේවල් සාමාන්‍යයයි.
එහෙම තත්වයකට පත් වුන ගමන්,
" අය්යෝ මට ඩ්ප්‍රෙශන්" " මාව හොස්පිටල් ගිහිල්ලා දාන්න අය්යෝ" කියන සිතුවිල්ලත් එක්ක ඔයාගේ දුර්වල වෙලා තියෙන හිත වට්ටලම දාන්න එපා. ඔය ශක්තිමත් වෙන්න උත්සහා කරන්න. උත්සාහ කරන්න. උත්සාහ කරන්න.

හැබැයි මේ තත්වයන් සහ පහත දැක්වෙන ලක්ෂණ දිගින් දිගටම පවතිනවා නම් එය විශාද තත්වය වෙන්න පුලුවන්.

- කනගාටුදායක ස්වාභාවය,හිස් ස්වාභාවය හෝ කනස්සල්ල
- අසරණ,නොවටිනා,වරදකාරී පුද්ගලයෙක් යන හැඟීම
-බලාපොරොත්තු රහිත බව
- තරහා යෑම
- පෙර කැමත්තක් දැක් වූ ක්‍රියාකාරකම් කෙරෙහි ඇති -කැමැත්ත හීන වීම
- ජවය අඩු වීම
- අවදානය යොමු කිරීමේ අපහසුතාවය
- නින්දෙහි වෙනස්කම්
- ආහාර රුචිය වෙනස් වීම
- කැක්කුම් සහ වේදනාවන්
- මතකය අවුල් වීම
- ආත්ම විශ්වාසය බිඳ වැටීම
- සියදිවි නසා ගැනීමේ සිතුවිලි

ඔයාට හරි ඔයාගේ සමීපතමයෙකුට හරි මේ ලක්ෂණ දිගින් දිගටම පවතින බව ඔයාට දැනෙනවා නම් "අනිවාර්‍යෙන්ම" මනෝ උපදේශකවරයෙක් හෝ මනෝ උපදේශකවරියක්ගෙන් උපදෙස් ලබා ගැනීම වෙත යොමුවෙන්න.

සෙම්ප්‍රතිශ්‍යාව හැදුනම බෙහෙත් බොනව වගේම අපිටම හිතලා කරන්න පුලුවන් දෙවලුත් තියෙනවා නේ. උණු වතුර බොනවා, දුම් අල්ලනවා වගේ දේවල්. ඩිප්‍රෙශන් තත්වයකදිත් අපිටම ගොඩ එන්න පුලුවන් ක්‍රම තියෙනවා.

-සෞන්දර්ය විඳින්න. ලස්සන සිංදුවක් අහන්න, චිත්‍රපටයක්, ඩ්‍රාමා එකක් බලන්න. චිත්‍ර අඳින්න. කවියක් ලියන්න. (ලියලා මටත් එවන්න)

- තමන්ට මානසික පීඩනයක් ඇති වෙන බව දැනෙනවා නම් ඔයාට පුලුවන් නිවාඩුවක් ගත කරන්න එහෙම නැත්නම් ඔයා ආසම තැනකට යන්න.ඒ කියන්නේ ඔයා ඉන්න පරිසරය ටිකක් වෙනස් කරන්න ඕනෙ.
- හිත නිවෙන තැනකට යන්න. ආස කෑමක් කන්න
-සුරතල් සතෙක් එක්ක කාලය ගත කරන්න.
- තමන් කැමැත්තක් දක්වන සමාජශීලී කටයුත්තක් කරන්න. සෙල්ලමක් ,ක්‍රීඩාවක් හරි ඔයාගේ මනස වෙනත් පැත්තකට හරවන ක්‍රියාකාරකමකට යොමු වෙන්න ඔයාට පුලුවන්.
- ඔයාට සමීපම විශ්වාසවන්තම යාලුවෙක් හරි ගෙදර කෙනෙක් හරි ඉන්නවා නම් හිතේ තියෙන හැමදේම එයත් එක්ක කියන්නත් ඔයාට පුලුවන්. එහෙම නැත්තම් "සුමිතුරෝ" ඉන්නවා.
- කාට හරි කියන්න බැරිනම් ඔයාම කොළයක් අරන් ලියන්න. ලියල රොකට් එකක් හදල ඈතට විසික් කරල හිනාවෙන්න.
-ඔයා මේ ලෝකෙට ඉපදුනේ ඔයාව මේ ලෝකෙට අවශ්‍ය නිසා. ඔයා හරි වටින ජීවිතයක්. සමහරවිට මේ ගෙවෙන්නේ අමාරු කාලයක් වෙන්න පුලුවන්. අල්ලන් ඉමු ඔයාගේ වටිනාකමට සොබහදහමෙන් වටිනාකමක් ලැබෙනාවමයි.
හැබැයි හොදට මතක තියාගන්න මම මුලින් කියපු ලක්ෂණ ඉතාමත් දරුණු විදියට තියෙනවා නම් අනිවාර්යෙන්ම මනෝවෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනෙ .
මම මේ පොස්ට් එකට දාපු හෙඩ්ලයින් එක හින්දා මේ පෝස්ට් එක කියවන්න කාලය වැය කරපු ඔයාලට ස්තුතියි. මේ වගේම අපේ සමීපතමයෝ සමාජ මාධ්‍ය භාවිතා කරද්දි ඒම නැත්තම සබෑ ජීවිතේදි හරි එකපාරට නිහඬයි නම් ඒම නැතුව සිත් තැවුලක ඉන්න ලක්ශන පෙන්වනවනම් මිනිත්තු 5ක් ඔහු හෝ ඇය වෙනුවෙන් වෙන් කරන්න. වැටෙන කෙනෙක්ට උරහිසට තට්ටුවක් දාලා "නැගිටපං, මම උබත් එක්ක ඉන්නව මචං" කියල කියන්න.

Akila Cabral ~ (Raals' Story )
BioEng (UG) | Dip in Psychology

14/04/2023

අවුරුදු පැතුම!

13/04/2023

Dubai Masala Tea ! රාල්ගේ කතාව

12/04/2023

Dubai streat vlog සිංහලෙන්!

Grrrr......
11/02/2023

Grrrr......

27/01/2023

26/01/2023

Something to think

10/07/2022

සාදය හමාරයි !!!

ජිවත් වෙලා ඉන්නතුරු රත්තරන් ජූලියේ ආදරණීය නව වෙනිදා මතක් වෙන්න මෙසේ ලියා සටහන් තබමි. උඹලා කරන අරගල යැයි ඇසූවන්ගේ දැනගැනීම පිණිස මෙසේ ලියා තබමි.
පාලකයො කියනවා වගේ මේ රටේ මිනිස්සු අහිංසක දුප්පත් ඇති. හැබැයි දුර්වල නෑ. මිනිස්සු මිනිස්සු වෙනුවෙන් එකතු වුනාම චැතැම් පාරේ තිබ්බේ මිනිස් අසිපත්. ගාලුමුවදොර තිබුනේ මිනිස් පළිහක්. මේ පුංච් රටට මුන් කොච්චර ආදරෙයිද ? යන්න එන්න කන්න බොන්න විදහක් නැතිව පුරවැසි සුනාමියක් ගැලුවේ කොහොමද ? උඹලා කරන අරගල යැයි ඇසූ මිනිසුනි, ඔව් අපි ඒක කලා! අවුරුදු ගානක් දේශපාලන පිල්ලි මගෙ රටේ, මගේ මිනිස්සුන්ගේ සාරය උරා බිබී සව්දිය පුරපු උන්ගේ "සාදාය හමාරයි" දැන්.

ඉහලම රූපේ තියෙන්නේ ඒ තීරණාත්මක මොහොතට ආපු මේ රටේ මිනිස්සු. හිස් නැති හිස් ගොඩක මමත් කොහේ හරි ඇති. අප්‍රේල් 5ස් වෙනිදා මුලින්ම අරගලය එක්ක හිටගත්තා. එදා ගොඨාගොගම් තිබුණේ නෑ. අරගලේ අංකුර කාලේ. එදා ඉඳන් දළු දාල වැඩුන අරගලේට පුලුපුලුවන් වෙලාවට ගිහිල්ලා දහදියයි කටහඬයි දීලා ආව. සයිබර් පොත්වල අරගලේට ලිව්වා. ඊයේ ආදරණීය නව වෙනිදා අපිට අපේ ඇස් වලින් අරගලේ ඵලදාව දකින්න පුලුවන් වුනා. අපි මජර දේශපාලනයේ බල ලෝභි අධම පාලකයෝ පැන්නුවා. ඉතිම් රත්තරං ජූලියේ ආදරණීය නව වෙනිදා කිසිඳු දවසක අමතක නොවේවි. උපන් රටට ජය පතමි. ඒ වෙනුවෙන් හැමදාමත් පෙනී ඉන්නෙමි. ඒ වෙනුවෙන් පෙනී හිඳින ඔබට ආදරය කරමි ❤️

අරගලයට ජය 💪
-අකිල රන්ජය කබ්රාල් AR Cabral

20/05/2022

රාජ්‍ය වෙනුවෙන් කාලය සහ ශ්‍රමය කැප කරපු ඒ රටේ වැඩිහිටි ප්‍රජාවට ඒ රජය සලකන්න ඕන.

රාජ්‍යයක පුරවැසියන් අතර දෘශ්‍යාබාධිත සහ විවිධ අවශ්‍යතාවයන් ඇති පුරවැසියන්ට ඒ රජය සලකන්න ඕන.

රාජ්‍යක පුරවැසියන්හට බලශක්තිය ආදී මූලික අවශ්‍යතාවන් සපුරන්න ඒ රජය සමත් වෙන්න ඕන.

රාජ්‍යක පුරවැසියන් කෙරෙහි ගමනාගමන පහසුකම් අපහසුවකින් තොරව ලබා ගැනීමට ඒ රජය ඉඩහසර ලබා දෙන්න ඕන.

මේ සේයාරුව අතුලේ රාජ්‍යයේ අසමත්කම මැනවින් ඔප්පු වෙනවා.

මේ අසමත් රාජ්‍යක ඉපදීම පිලිබඳව ඔබ පසුතැවෙනවා ද ?

මම පසු තැවෙන්නේ මතු පරපුරකට මේ අසමත් රාජ්‍යය උරුම වීමේ නිමිති පෙනෙන බැවිනි.

අත් හැරිය නොහැකි පුරවැසි වගකීම සහිතව මෙම ක්‍රමය පෙරළීමට ලියන ලියවෙන අකුරෙන් පවා අරගල කිරීමෙන් පමණක් මම හදවත තුල නිර්දෝශි වෙමි.

අරගලයට ජය ❤️

අකිල කබ්රාල් 20/05/22

16/05/2022

අරගලයට ජය
12/05/2022

අරගලයට ජය

Stop sending me this 💩
12/05/2022

Stop sending me this 💩

අරගල භූමියට.. ස්ථිර ස්මාරකයක් ලෙස මෙම ස්මාරකය  හදනවා.. මේ දවස් වල Meterial  හො⁣යාගන්න පට්ට අමාරුයි.. පුලුවන් අය මට උදව් ...
10/05/2022

අරගල භූමියට..
ස්ථිර ස්මාරකයක් ලෙස
මෙම ස්මාරකය හදනවා..
මේ දවස් වල
Meterial හො⁣යාගන්න පට්ට අමාරුයි..
පුලුවන් අය මට උදව් කරන්න ..
අවශ්‍ය ද්‍රව්‍ය -
යකඩ කම්බි
යකඩ බාර්. ( Box Bar, Gi බට )
යකඩ තහඩු ,
Scrap Metal
Size 12 welding Rods Box
Size 4 Cutting weel

මූර්තියේ ප්‍රමාණය
අඩි 20 ..
0760085343- Bhash*th
0770417377 - Dilshan

No 69 😁😁😁
10/05/2022

No 69 😁😁😁

   😁
09/05/2022

😁

  දැන් සැපද අහන්න නාකි මයිනෙක් නැද්ද 🤬
08/05/2022


දැන් සැපද අහන්න නාකි මයිනෙක් නැද්ද 🤬

06/05/2022

විහාරයේ දොර කඩලා
මුහුදු වතුරෙන්,
මසුරන් පෙරලා
කටාරම ගිනි තියලා
විහාර මහා දෙවීට,
නන්දසේන දුම් පිබලා...

~AR

දැන්වත් පලයව් 🤬🤬🤬
05/05/2022

දැන්වත් පලයව් 🤬🤬🤬

Address

Colombo
<<NOT-APPLICABLE>>

Website

Alerts

Be the first to know and let us send you an email when Shree Talks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

Nearby travel agencies


Other Travel Services in Colombo

Show All