Srilankan look tours

Srilankan look tours tourist transportation,guide service
(3)

08/06/2024

This documentary analyzes the ecology and morphology of leopards at Horton Plains National Park in Sri Lanka, and how their physical adaptations relate to other leopard subspecies occupying similar habitats.

FULL VIDEO - https://youtu.be/GU-thWLsXb8?si=yodWGgrX_eZribuA

08/06/2024
08/06/2024

President Ranil Wickremesinghe has re-appointed General Shavendra Silva as the Chief of Defence Staff (CDS) until December 31, 2024.

08/06/2024

Vehicle import ban : Over 44,000 vehicles released to local market

09/05/2024

🚫If a track infringes your copyrights, please email us at [email protected] There is no need to strike us as we can sort out the issue quickly.🚫❤💕🙏Fol...

09/05/2024

මෙයා එක පාරටම පැනලා,මගේ බෙල්ල මිරිකලා මට පහර දුන්නා. - ඩයනා ගමගේමොනම අවස්ථාවකවත් පහර දීමක් කළේ නෑ.. - රෝහණ බණ්ඩාර ...

02/05/2024

No bus fare revision despite diesel down by Rs. 30

02/05/2024
02/05/2024

සංචාරක ප්‍රවර්ධනය, Visa Free සහනය සහ VFS හවුල.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීමේ ප්‍රධාන ක්‍රමවේදයන් කිහිපය අතරින් වැදගත් ස්ථානයක් හිමිවෙලා තියෙන තවත් අංශයක් තමයි මේ සංචාරක ක්ෂේත්‍රය කියන්නෙ. ඉතිං 2019 පාස්කු ප්‍රහාරය සහ 2020/2021 කොවිඩ් වසංගතයෙන් පස්සෙ අපේ රටේ සංචාරක කර්මාන්තය විශාල වශයෙන් පසුබෑමකට ලක්වුනා.

ඉතිං ඒ සියලු ගැටලුවලින් පස්සෙ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටවන්න, අපේ රටට සංචාරක ආකර්ෂණයක් නැවත ලබාගන්න මේ වෙනකොට රජයත් මැදිහත් වෙලා විවිධ ක්‍රියාමාර්ග සහ වැඩසටහන් පටන් අරගෙන තියෙනවා.

ඒ වැඩසටහන්වල ප්‍රතිඵලයක් විදිහට පහුගිය කාලෙ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව රුසියානු සහ යුක්රේන සංචාරකයන් මූලික කරගෙන වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වුනා.
ඊට අමතරව මේ වනවිට ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය ඇතුලු රටවල් කිහිපයක් පෙරදැරිව ඔවුන්ට නොමිලේ සංචාරක වීසා පහසුකම යටතේ මෙරටට පැමිණීමට අවස්ථාවක් ලැබී තියෙනවා. මීට අමතරව ඉදිරියේදී එම පහසුකම තවත් රටවල් කිහිපයක් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා.

ඉතිං ඒ ප්‍රවර්ධන සැලසුම් ඒ විදිහට තියෙද්දි මේ දවස්වල ලංකාවෙ වීසා කටයුතු පිළිබඳව ටිකක් මතබේදාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ විදේශ සමාගමක් වුනු VFS සමාගමේ මැදිහත් වීමත් එක්කයි.

මේ සමාගමේ මැදිහත් වීමත් එක්ක මෙච්චර දවසක් සංචාරකයන් හට සහ රජයට නම්‍යශීලී සහ සහනදායී විදිහට ක්‍රියාත්මක වුනු මෙරට වීසා පහසුකම ගැන නැවත වරක් සිතා බැලිය යුතු තත්වයකට ඇවිත් තියෙනවා.

අලුත් වීසා ක්‍රමවේදය අනුව හැම වීසා එකක් වෙනුවෙන්ම සංචාරකයන් විසින් අදාල ආයතනයට service charge එකක් සහ convenience fee එකක් විදිහට "අවම" වශයෙන් ඩොලර් 22 ට ආසන්න මුදලක් ගෙවිය යුතු වෙනවා.

ඒ කියන්නෙ ඉස්සර ලංකාව හරහා වෙනත් රටවල් වලට යන්න නොමිලේ ලබාදුන්න transit visa පහසුකම ලබාගත්ත මගීන්ටත් දැන් එම වීසාවම මේ අදාල ආයතනය හරහා ලබාගත්දි ඩොලර් 22කට ආසන්න මුදලක් ගෙවන්න වෙනවා.
එතනදි තවමත් රජය ඒ වීසාව නිකුත් කරන්නෙ නොමිලේ වුනාට ඒ සමාගම ඒකෙන් ඩොලර් 22කට ආසන්න මුදලක් උපයනවා.

තවත් වැදගත් කාරණයක් තියෙනවා. මේ දක්වා අවුරුදු දොලහකට අඩු දරුවන් සඳහා රජය විසින් නොමිලේ නිකුත් කරන ලද වීසාව සංචාරක ආකර්ෂණය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දුන්නා. දරුවන් කිහිපදෙනෙකු සිටින පවුල්වලට එයාලගෙ දින ගණනාවක නිවාඩු කාලයේ සංචාර සැලසුම් කරද්දි, දවසකට දෙකකට හරි ලංකාවට ඇවිත් යන්න පෙළඹවීමක් කරන්න ඒ දරුවන් වෙනුවෙන් ලබාදුන්න නොමිලේ වීසා පහසුකම ගොඩක් උපකාරී වුනා.
නමුත් මේ නව ක්‍රමවේදයත් එක්ක ඒ අවුරුදු දොලහකට අඩු දරුවන්ට තවමත් රජය විසින් නොමිලේ ලබාදෙන වීසාව වෙනුවෙන්ම අදාල විදේශීය ආයතනය වෙත convenience fee එකක් ගෙවන්න වෙලා.

මීටත් අමතරව මේ දක්වා www.eta.gov.lk ⁣රජයේ වෙබ් අඩවිය හරහා ඩොලර් 52ක ආසන්න මුදලකට ඉතා කෙටි කාලයකින් ලබාගන්න හැකියාව තිබුන සංචාරක වීසා පහසුකම වෙනුවෙන් දැන් අර විදේශීය සමාගමේ ගාස්තුත් එක්ක ඩොලර් 100කට ආසන්න මුදලක් ගෙවන්න වෙලා.

ඉතිං. විශාල ආර්ථික පසුබෑමකට මුහුණ දීලා ඒකෙන් රට ගොඩගන්න වැදගත් සැලසුම් සහ යෝජනා ඇති කලයුතු මොහොතක, රටේ වැදගත්ම අංශයක් වන සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැගීම අත්‍යාවශ්‍ය නිසා VISA FREE PROGRAM ඇතිකරගෙන සංචාරක ආකර්ෂණය යලි දිනාගන්න මහන්සිවෙන මොහොතක, කිසිම ගැටලුවකින් තොරව නිසි නියාමනයකින් හා කාර්යක්ෂම විදිහට සංචාරකයන්ට සේවාවක් ලබාදෙමින් රටට සෘජුවම ආදායමක් ලබාදුන්නු රජයේ ETA වේ අඩවිය හරහා ක්‍රියාත්මක වූ සේවාව හිටිහැටියේ නවත්වා ඒ වෙනුවට විදේශීය සමාගමක මැදිහත්වීමක් ලබාගනිමින් සිදුකරන්නාවූ මේ නව ක්‍රියාවලිය මේ මොහොතට කොයි විදිහට ගැලපෙනවද කියන එකගැන රටක් විදිහට අපි තව සැරයක් කල්පනා කලයුතු නොවේද?

අපි රටේ අවශ්‍යතාවය වෙනුවෙන් හොඳ සැලසුම් හදමු. හැබැයි ඒවා ඒ මොහොතට ගැලපෙනවද කියලා බලලම ක්‍රියාත්මක කරමු.
අදාල බලධාරින්ගේ අවදානය යොමුවේවා.

29/04/2024

Relaxing vehicle import ban : New update

25/04/2024
04/03/2024
04/03/2024
04/03/2024

Address

Kandy
Kandy

Telephone

+94779203558

Website

Alerts

Be the first to know and let us send you an email when Srilankan look tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srilankan look tours:

Videos

Share

Category


Other Tour Guides in Kandy

Show All